Life
පොත්ත හැඩ වුණට ඇතුළ විසයි
වෙළෙඳපොළේ දක්නට ලැබෙන දිලිසෙන ස්වභාවයන් යුතු පෙනුමක් ඇති ඇපල්, දොඩම්, මිදි ආදී පලතුරු ඇසට ප්‍රිය ජනක බව නොරහසකි. නමුත් එවැනි බොහෝ පලතුරුවල සිරුරට අහිතකර විෂ රසායනික ඇතුළත් කර ඇති බව සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය.
එවැනි විෂ රසායනයන් මගින් පලතුරුවල නැවුම් පෙනුම රඳා පවත්වා ගැනීමටත් ඉක්මණින් ඉදීම නැවැත්වීමටත් කල්තබා ගැනීමට මෙන්ම කෘමි හානි වළක්වා ගැනීමත් සිදු කරනු ලබයි. මෙවැනි පලතුරු ආහාරයට ගැනීම නිසා අප ලෙඩ රෝග රැසක් ළංකර ගනු ලැබේ.
පලතුරු වර්ග ඉදවීමට එතිෆෝන් මේ වනවිට බහුලව යොදා ගන්නා මුත් මෙය වැරදි ලෙස භාවිතය ශරීරයට අහිතකර වේ. එතිෆෝන් පළමුවරට චීනය විසින් ශාක වර්ධනයට මෙන්ම පලතුරු ඉදවීම සඳහාත් භාවිතා කරන ලදී. නමුත් වර්තමානය වනවිටදී මෙය බොහෝ රටවල වෙළෙඳාම පිණිස පලතුරු ඉදවීම උදෙසා භාවිතා කරනු ලැබේ.
ජලයේ ඉතා ඉක්මනින් දියවනසුලු එතිෆෝන් අවර්ණ ඝන රසායනික ද්‍රව්‍යයකි. මෙය ජලයේ දියවූ පසුව එතිලීන් (Ethephon) නමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවේ. මෙහි විෂ සහිත බව අවම අතර එතිෆෝන් වැරදි ලෙස භාවිත කිරීම මගින් (Ethyline) එහි විෂ සහිත බව වැඩි වේ.
මෙම රසායනික සමග නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් මෙන්ම සමෙහි ස්පර්ශවීමෙන්ද තවද මෙය අඩංගු පලතුරු හා ශාක වර්ග අනුභව කිරීම මගින් එම රසායනිකය ශරීර ගතවේ.
එතිෆෝන් රසායනිකය යෙදූ පලතුරු හඳුනාගත හැකි ක්‍රම
සාමාන්‍යයෙන් පලතුරු තුළ තිබිය යුෂ නොමැති වීම
පලතුරුවල මතුපිට රැලි නොගැසුණු, දිලිසෙන සුලු වීම, ඒකාකාරීව ඉදී තිබෙන වළ නොගැසී ඇති පිට පොත්තක් තිබිම.
ස්වභාවිකව ඉදුණු පලතුරක ඇති කැලැල් සහිත බව, සුමට බව මෙන්ම ඇතැම් අවස්ථාවල කෘමීන්හෝ වෙනත් කුඩා සතුන් විසින් ආහාරයට ගත් බව පෙන්වන ලක්ෂණයන් නොමැති වීම.
පිට පොත්ත තද කහ පැවැති වුවද කපා බැලූවිට ඇතුළත ඉදී නොමැති අමු කොළ පැහැති වීම හෝ පෙත්ත ආශ්‍රිතව ඇතුළත ප්‍රදේශය පමණක් කහපැහැ වීම.
කහ පැහැති මතුපිටැති පලතුරුවල කොළ පුල්ලි තිබිම.
පලතුරුවලින් කෘත්‍රිම රසයක් හෝ සුවඳක් දැනීම.
ඉහත දැක්වූ ආහාර අනුභවය නිසා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැක.
කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු
හිසරදය /නින්ද නොයෑම
දිගු කාලීන සංකූලතා
වකුගඩු ආබාධ /බඩවැල් ආශ්රිත පිළිකා අවදානම/මතකය හීනවීම Loss of Memory /මුඛයේ තුවාල Oralulcers /අපස්මාරය Fit /සමේ තුවාල ඇතිවීම
පලතුරු මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු පිළිබඳ දැනුවත් වීම.
පලතුරු මිලදී ගැනීමේදී කුඩා ප්‍රමාණවලින් ගෙවතුවල වගා කරන ලද විශ්වාසදායක ස්ථානවලින් මිලදී ගැනීම.
හැකි සෑම විටම ගෙවත්තේම පලතුරු වගා කර ගැනීම.
ජාතික ධූලවේදය හා විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක | (සටහන – දුලානි ජයතිස්ස)
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks